29 C
Colombo
Wednesday, June 7, 2023

මහබැංකුව යළිත් මුදල් අච්චු ගසයි. මාර්තු 18 තවත් ලක්ෂ 559,500 ක් අච්චු ගහලා

- Advertisement -

පසුගිය සිකුරාදා (මාර්තු 18) අච්චු ගැසූ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 20 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) ක් වන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල රජය අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වත්මන් රජය පසුගිය මාස 26 තුල අච්චු ගසා ඇති බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම් එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කරනවා.

2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා මහ බැංකුව විසින් රු. මිලියන 188,610 ක් අච්චු ගසා ඇති බවත් එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ 9,9268 ක් බැගින් අච්චු ගැසීමක් බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

සල්ලි අච්චු ගැසීමේන් බඩු මිල වැඩි නොවන බවත්, අච්චු ගැසීම සාමාන්‍ය දෙයක් බවත් විටින් විට පුවත්පත් සාකච්ඡාවල දී පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත් වීමෙන් පසුව රු. ලක්ෂ 4,156,100 ක් අච්චු ගසා ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කිරිපිටි මිල 110% කින් ද, ඉන්ධන 90% කින් ද, ආහාර මිල 20% සිට 50% දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ රටේ පවතිනවා.

උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බව ආර්ථික විද්‍යා මුලධර්මයක් වනවා.

අලුත් අවුරුද්දට ආහාර හා ඖෂධ ලබා ගැනීමට ඉන්දීය ණය ආධාර ලබා ගන්නා බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරන නමුත්, මේ වනවිට අවුරුදු කන්නට නොව දරුවන්ට, වැඩිහිටියන්ට කුසගිනි නිවා ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...