29 C
Colombo
Monday, April 29, 2024

මහ බැංකුව පොලී අනුපාත ගැන විශේෂ තීන්දුවක් ගනී

- Advertisement -

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් පහත දැමීමටයි තීරණය කර ඇත්තේ.

නව තීරණයට අනුව නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් පහත දමා තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහළ යෑම මත ඊයේ (31) රැස්වූ මුදල් මණ්ඩලය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කළ බවයි.

මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම 2022 වසරේදී නිරීක්ෂණ වූ ඉතිහාසගත ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනයෙන් පසු යළි ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා මුල්‍ය වෙලෙඳපොල මත පීඩනය ලිහිල් කිරීමක් අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි.

මේ අතර මැයි මාසය අවසන් වනවිට මෙරට නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා යනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...