26.4 C
Colombo
Thursday, March 28, 2024

රට කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම අවස්ථාවේ – GMOA

- Advertisement -

කොවිඩ් වසංගතය හේතුවෙන් වාර්තා වන රෝගීන් වැඩිවීම මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තත්ත්වයට යොමුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දිනෙන් දින මෙම වෛරසයට ගොදුරු වෙමින් පවතින බවයි.

එමෙන්ම, රෝහල් ඇදන් සහ දැඩි සත්කාර පහසුකම් වැනි සියල්ලම උපරිම ධාරිතාව ඉක්මවන මට්ටමකට පැමිණ ඇති බවත් මානව සම්පත හිඟ වීම පිළිබද උග්‍ර ගැටලුව නිසාත් කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි ඔහු අවධාරණය කර සිටිනවා.

මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 4483ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 407,768 ක් දක්වා ඉහළ ගියා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...