27 C
Colombo
Monday, April 29, 2024

වතුකර කාන්තාවන්ගේ ජිවිතය

- Advertisement -

1815 ලංකාව බ්‍රිතාන්‍යයේ පාලනයට යටත් වීමත් සමඟ වානිජ වතු වැවිලි වගාව සීග්‍රයෙන් ව්‍යප්ත වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට ඉන්දියාවෙන් තේ වතුවල සේවයේ යෙදවීම සඳහා ජන පිරිසක් ගෙන ඒම සිදුවුණා.

එදා සිට වර්තමානය වන තෙක් මෙම තේ වතුවල සිටින ජනතාව ඉතා දුක්බර ජීවිතයක් ගතකරනවා.

මෙම තේ වතු තුළ තේ දළු නෙළීමේ කාර්යයෙහි නිරත වන පිරිසෙන් අති බහුතරයක් කාන්තාවන්.

ඔවුන් සිය සේවය සඳහා උදෑසන 7.30 වාර්තා කළ යුතු අතර එතැන් සිට සවස 4.30 තෙක් තේ දළු නෙළීම සිදු කල යුතු වනවා.

මීට අමතරව මොවුන් විසින් දරුවන් බලා ගැනීම ගේ දොර වැඩ කටයුතු සිදු කිරීම ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක්.

මෙම පිරිස් ජීවත් වන්නෙ ලයිම් කාමර නම් වතු නිවාස වල ඔවුන්ට හිමි ඉතා සීමිත කොටසකයි.

මේ හේතුවෙන් කාන්තාවන්,ගැහැණු දරුවන් සඳහා වන ආරක්ෂාව ඉතා අවම මට්ටමක පවතිනවා.

මෙම ලයිම් කාමර සඳහා ජලය විදුලිය සීමිත නිවාස වලට පමණක් හිමිවන අතර බොහො නිවාස සඳහා හිමිවන්නෙ නැහැ.

ඒ හේතුවෙන් රෙදිසේදීම නෑම ආදිය සඳහා ඇළදොළ,පිලි භාවිතය සිඳු කරනු ලබනවා.

එමෙන්ම සනීපාරක්ෂක තත්වයද ඉතා අවම මට්ටමක පවතින බවද සඳහන් .

මේවන විට වතුකරයේ ජීවත් වන කාන්තාවන් ගේ අධ්‍යාපන මට්ටමද ඉතා පහළ අගයක් ගනු ලබනවා.

ඉගනීම සඳහා මොවුන් තුළ ඇති අකමැත්ත මෙන්න පවතින අයහපත් ආර්ථිකය ද මෙයට හේතුවක්.

මෙලෙස ඉතා පහළ ආ‍ර්ථිකය හේතුවෙන් ඉගනීම නතර කර බොහෝ තරුණියන් මෙන්ම ගැහැණු දරුවන් රැකියා සඳහා යොමු වන ප්‍රවණතාව ඉතා ඉහල මට්ටමක පවතිනවා.

දරිද්‍රතාව ,පිපාසය,සාගින්න මෙන්ම වතුකරය ආශ්‍රිත රැකියා නොමැති වීම මිළ මුදල් හිගකම මෙලෙසෙ ඉතා අඩුවයසින් බොහෝ තරුනියක් රැකියා සඳහා යොමු වීමට බලපෑමක් එල්ල කර තිබෙනවා.

අඩු වයස් වල පසුවන ගැහැණු දරුවන් ව්‍යාජ උප්පැන්න සහතික ව්‍යාජ හැදුනුම්පත් හදා ගැනීමෙන් පසු රැකියාවන් සඳහා යොමුවනවා.

මෙලෙසෙ ලංකාවේ නිවාස වල වැඩ කරන බොහෝ කාන්තාවන් වතුකරයේ ජීවත් වන කාන්තාවන් බවයි සඳහන් වන්නේ.
මෙම වතුකරයේ කාන්තාවන් ඉතා අඩුවයසින් විවාහ කරදීම බහුලව සිදු කරනු ලබනවා.

ඉතා දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියන මොවුන් වයස 30- 35 වන විට සාමාන්‍ය සමාජයේ අවුරුදු 50-55ක කාන්තාවක් තරමට වතුකරයේ කාන්තාව වියපත් වීමක් දක්නට ලැබෙනවා.

වතුකරයේ සිටින ගර්භණී කාන්තාවන් නීරක්ති රෝගයෙන් පෙළන අතර එයට ප්‍රධාන හේතුව ලෙස තේ දළු නෙළීම සෘජු බලපෑමක් සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙය මෙසේ වුවත් මේවන තෙක් මොවුන්ට ලබාදීමට නියමිත රුපියල් දහසක් වූ අවම වැටුප ලබාදීමට මේවන තෙක් කටයුතු නොකිරීම ඉතා සෝචනීය තත්වයක් .

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...