ප්‍රමිතියෙන් තොර සහ නිසි ප්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබදව හා ඒවා නිෂ්පාදනය කරන ආයතන මෙන්ම ආනයනය කරන ආයතන පිළිබදව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාගැනීම සදහා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (05) උදෑසන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණුණා.
මෙහිදී එම ආයතනයේ සභාපතිවරයා වන නුෂාඩ් පෙරේරා මහතා මුණගැසීමට උත්සහකලද ඔහු ඊට අකමැත්ත පලකර අදාල පිරිසව පැයක පමණ කාලයක් රස්තයාදුකල බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් නිවුස් 19 හට පැවසුවා.
පසුව ඔහුව මුණගැසී අදාල ගැටළුව සම්බන්දයෙන් සාකච්ඡා කල පසුව හෙට දිනයේ ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග හා ඒවා මෙරටට ගෙන එන ආයතන පිළිබද වාර්තාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුවක් සිංහලේ සංවිධානය වෙත ලබාදී තිබෙනවා.




