27 C
Colombo
Thursday, May 16, 2024

බැක්ටීරියාව වැළදුණු රැදවියන් ගණන ඉහළට

- Advertisement -

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන මෙනින්ගොකොකොල් බැක්ටීරියාව වැළදුණු රැදවියන් 16 දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා බන්ධනාගාර මූලස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉන් 9 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේත්, 7 දෙනෙකු බන්ධනාගාර රෝහලේත් රදවා සිටින බවයි.

මෙම බැක්ටීරියාව වැළදුණු රැදවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.

ඊයේ (21) සහ පෙරේදා මියගිය මෙම රැදවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම රෝහලේදී ඊයේ පැවති අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණා.

ඒ අනුව මොවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමටයි තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම බන්ධනාගාරයේ සිට ඉන් පිටව ගිය රැදවියෙකු මීට පෙර උණ රෝගී තත්ත්වයක් මත ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගෙන් මෙම උණ රෝගය පැතිරෙන්නට ඇති බවට සැක කරන බවයි.

මෙම තත්වය මත අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහන් මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා ඇති බව ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා පවසා සිටියා.

මේ අතර බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් පවසන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට...

උත්සව වලට සල්ලි වියදම් කරපු හැටි ජීවන් තොණ්ඩමන් හංඟලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද "නාම්-200" උත්සවයට අදාළ තොරතුරු ජූලි 03 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු කොමිසම ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත...

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

හෝකන්දර - හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. පුද්ගලයකු විසින්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...