29 C
Colombo
Sunday, October 1, 2023

ජනපති අරමුදල යළිත් සක්‍රිය‍යි

- Advertisement -

ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට ආධාර මුදල් ගෙවා නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ අයැදුම් කළ කිසිවෙකුට මෙම ආධාර නිකුත් කොට නොමැති බවත් එම අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

2020 වසරේ මුල් භාගයේ අයැදුම්පත් කිහිපයක් වෙනුවෙන් ආධාර මුදල් ගෙවා ඇතත් එසේ ගෙවන ලද්දේ එම වසරට පෙර වසරවල ඉදිරිපත් කරන ලද අයැදුම්පත් සඳහා පමණි.

හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, අක්මා බද්ධය, කර්ණ සංඛ බද්ධය ඇතුළු බරපතළ රෝග තත්ත්වයන් සඳහා වන සැත්කම්වලදී වැයවන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබාගත හැකි අතර නතර කර තිබුණේ එසේ ආධාර ඉල්ලූ අයැදුම්පත් සඳහා ගෙවීම් සිදු කිරීම ය.

කෙසේ වෙතත්, එම අයැදුම් පත් සඳහා ආධාර මුදල් ගෙවීම පසුගිය දා යළි ආරම්භ කළ බව‍යි මේ සම්බන්ධව අදහස් දක්වමින් එම අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...