30 C
Colombo
Monday, March 20, 2023

QR කේතය ක්‍රියාත්මක කළොත් රක්ෂණය නොදෙන කතාව බොරුවක් – රක්ෂණ සමාගම්

- Advertisement -

ජාතික ඉන්ධන බලපත්‍ර ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය ප්‍රවෘත්තියක් පිළිබදව රක්ෂණ සමාගම් සියල්ලේම එකතුවෙන් සෑදුණු ශ්‍රී ලංකා රක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සංගමය පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියට රක්ෂණ සමාගම් විරෝධය පලකර ඇතිබවට වන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ අදාළ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඉන්ධන පිරවුම්හල් අසළ ජංගම දුරකතන භාවිතා කිරීම හේතුවෙන් එය රක්ෂණ කොන්දේසි කඩකිරීමක් වන නිසාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට කිසියම් අලාභහානියක් හෝ ගිනි ගැනීමක් සිදුවුවහොත් කිසිදු රක්ෂණ ප්‍රතිලාභයක් අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ලබානොදෙන බවට රක්ෂණ සමාගම් තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසන්නේ QR කේතය භාවිතා කිරීමේ මෙම ක්‍රමවේදය හේතුවෙන් රක්ෂණය අවලංගුවීමක් කිසිසේත්ම සිදුනොවන බවයි.


RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.