33 C
Colombo
Thursday, May 2, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන ලෝක බැංකුවේ ප්‍රසාදය

- Advertisement -

අවධානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසනවා.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී වී තිබෙනවා.

මෙහිදී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල් කරගනිමින් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බව සහ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...