28.1 C
Colombo
Friday, April 26, 2024

ජාතික ආරක්ෂාව ඉන්දියාවට විකුණුවේ මෙහෙමයි..! – හරීන් හෙළි කරයි

- Advertisement -

රටේ ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රධාන වගකීම් ඉන්දියාවට පැවරෙන ආකාරයේ ගිවිසුම්වලට එළඹිම සදහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත්වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඒ අනුව, ගුවනේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් ඉන්දියාවට පැවරෙන අතර නාවික හමුදා මූලස්ථානය තුල කාර්යාලයක් පිහිටුවීමටද අවසර ලබාදීමට නියමිතව තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

‘සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය’ නමින් මධ්‍යස්ථානයක් පිහිටුවා මේ ආකාරයට රටේ ආරක්ෂාව ඉන්දියාවට විකුණා ඇතැයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පෙන්වා දෙනවා.

රටට ආරක්ෂාව ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වැඩ කරන විරුවා දැන් රටේ ආරක්ෂාවත් ඉන්දියාවට විකුණා ඇති බවත් හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මොනිටරින් එයාර් ක‍්‍රාෆ්ට් සදහා ලංකාවේ අහස විකුණලා.

ලංකාව ඉන්දියාවෙන් දිගටම ණය ගන්නවා. ඉන්දියාව එක්ක ගිවිසුම් තුනක් අත්සන් කරලා. එකක් තමයි, ලංකාවේ මිනිසුන්ගේ ඇඟිලි සලකුණු සියල්ලම ඉන්දියාවට ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. තාක්ෂණ අමාත්‍යාංශයට ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමට අත්සන් කිරිමට අවසර ලබාදී තිබෙනවා

සමුද‍්‍ර මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවසර ලබාදී භාරතී ඉලෙක්ට්‍රොන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කරනවා. මේක ඇතුලේ ටොන් හාරදාහක පාවෙන ඩොක් එකක් ලැබෙනවා. ඩ්‍රෝන යානා තුනක් ලැබෙනවා. ලංකාවේ ආරක්ෂාව ඉන්දියාව විකුණා අවසන්.

සමුද‍්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවන්නේ. මේ වැඩ කරන විරුවා, ආරක්ෂාව දෙන්න ආපු විරුවා නාවික හමුදාවත්, ආරක්ෂාවත් ඉන්දියාවට විකුණා අවසන්.

මෙහි උප මධ්‍යස්ථානයක් හම්බන්තොට හදනවා. මුහුදේ ආරක්ෂාව ඉන්දියාවට දීලා, චීනයට වරාය දෙනවා. මේක මහ තකතීරු තීරණයක්

ඒ වගේම ඩිජිටල් හැදුනුම්පත හදන්න කියලා, ඇගිලි සලකුණු ඉන්දියාවට දෙනවා. අහසේ වෙන දේ සෙවීමත් ඉන්දියාවට ලබාදී තිබෙනවා. මේවා ගැන අපිට පැහැදිළි සැකයක් තියෙනවා

බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යාමට පෙර, මාර්තු 19 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව මේවාට අවසර දෙනවා. 21 වැනිදා කැබිනට් එකටත් යනවා. සෙනසුරාදා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා සදුදාට කැබිනට් පත‍්‍රිකාවත් හැදිලා කැබිනට් එකටත් යන්නේ කොහොමද? බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්න කලින් මේවාට අනුමැතිය ලබාගෙන, ආවරණ අනුමැතියක් ලබාගෙන මේ සියලුම දේවල් අත්සන් කරලා තියෙනවා

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිමේ සිටියදී, ඩුබායි රටේ තියෙන, වෙබ් එකක්වත් නැති ආයතනයකට තෙල් ගේන්න ගිවිසුම් ගහලා. කිසිම විවෘත ටෙන්ඩරයක් නැතිව තමයි දීලා තියෙන්නේ. තෙල් වලට භාගයක් ඩොලර්වලින් ගෙවලා, ඉතිරි බාගය රුපියල්වලින් ගෙවන්න හදනවා. ලෝකයේ මොන රටේද තෙල් වලට රුපියල් වලින් ගෙවන්නේ.

මිනිස්සුන්ට කන්න නැතිව ඇද වැටෙන වෙලාවක මෙන්න කරන ඩීල්. මේක තවත් ලොකු ගේම් එකක්.”

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...