27 C
Colombo
Monday, April 29, 2024

ඇෆ්ගන් කාන්තාවන් ගැන තලෙයිබාන් රජයෙන් දැඩි තීරණයක්

- Advertisement -

අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් නිරන්තරයෙන් පෙනී සිටි කාන්තා අයිතිවාසිකම් ඉස්ලාම් ශරියා නීතිය  පිළිබඳ තලේබාන්වරුන්ගේ අර්ථ නිරූපණයට විරුද්ධ බවද  අකුන්සාදගේ නිවේදනයේ සඳහන් .

ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමෙන් පමණක් තලෙයිබාන් සංවිධානයේ කටයුතු අවසන් නොවන බව ද සිය තීරණය නිවේදනය කරමින් තලෙයිබාන් නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු අධ්‍යාපන, රැකියා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කාන්තාවන්ට දැඩි සීමා පනවනු ලැබුවා.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි, ගෝලීය වශයෙන් ඉතා දරුණු තත්ත්වයක පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වාදී තිබුණා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...