30.3 C
Colombo
Friday, April 26, 2024

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය චීන සමාගමට ලබාදීමට විරෝධය පා දුම්රිය වර්ජනයක් (වීඩියෝ)

- Advertisement -

අද (30) පෙරවරු 8 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කරන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ද දොඩම්ගොඩ මහතා පවසනවා.

දුම්රිය ධාවනය අඬාලවීමෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“


RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...