32 C
Colombo
Thursday, May 2, 2024

ට්විටර් සමාගම තාවකාලිකව වසා දමයි

- Advertisement -

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව එහි සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා සිට නැවත කාර්යාලය විවෘත කරන බවයි සේවකයින්ට දැනුම් දී ඇත්තේ.

විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහසිගතව සමාගමේ තොරතුරු සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස සේවයකයින්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් එම සමාගමේ සේවකයින් වෙත තවත් විශේෂ ඊමේල් පණිවිඩයක් යවා තිබෙනවා.

දිනකට වැඩි කාලයක් වැඩි කැපවීමෙන් යුතුව වැඩ කළ යුතුයි. නැතිනම් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවයි ඔහු එම පණිවිඩයෙන් දන්වා ඇත්තේ.

සමාඟමේ තවදුරටත් රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ප්‍රතිඥාවක් ලබා දීමට එකඟ විය යුතු බව ඉලෝන් මස්ක් සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

මස්ක් සේවයකන්ට පෙන්වාදී ඇත්තේ මෙම ප්‍රතිඥාවට ඊයේ (17) දිනය වන විට එකඟතාව පළ නොකරන සේවකයින්හට මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බවයි.

වැඩිදුරටත් ඔහු තම සේවක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ සාර්ථක වීමට නම් ඒ සඳහා අප දැඩිව කැප විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...