විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (29) රාත්‍රියේ දී 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500 ක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබෙනවා.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බවයි.
බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පවසනවා.