26 C
Colombo
Saturday, May 18, 2024

ඇල්පිටිය වෙඩිතැබීමට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවයි.

ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

එම අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන ජංගම දුරකථන 03ක් හා යතුරුපැදි 02ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...