අනුරාධපුර යුගයේ නිර්මාණය කරන ලද අවුකන පිළිමයෙහි මේ වන විට විශාල ප්‍රමාණයේ බඹර වද දෙකක් බැඳ ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
මේ හේතුවෙන් අවුකන පිළිමයට හානිවන බවද සදහන්.
මීට පෙර අවස්ථාවක මෙම බඹර වද දෙක ඉවත්කිරීම සඳහා උත්සහ කළද එය සාර්ථක වූයේ නැහැ.
කෙසේවෙතත් එළැඹෙන 29 වනදා මහනුවර සත්ත්ව විශේෂඥයින් පිරිසක් පැමිණ මෙය ඉවත් කිරීමට කටයුතු කරන බවටද තොරතුරු වාර්තා වනවා.
කලා වැව ආසන්නයේ අවුකන ග්‍රාමයේ පිහිටා ඇති මෙම හිටි පිළිමය දීපංකර බුදුරජාණන්ගේ බවයි පැවසෙන්නේ.