33 C
Colombo
Wednesday, May 1, 2024

දේශබන්දු ගැන තීන්දුව සඳුදා

- Advertisement -

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඊට අදාළ තීන්දුව අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

මීට අමතරව ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන් නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය ලබන සඳුදා දක්වා තැබුවා.

RECENT ARTICLES - SINHALA

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදා...

පින්නවල ආදායම කෝටි 4 ඉක්මවයි

උත්සව සමයත් සමග පැවති දීර්ඝ නිවාඩුවේ දී පින්නවල එළිමහත් සත්වෝද්‍යානය නැරඹීමට සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා සඳහන් කළේ මෙම...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...