30 C
Colombo
Friday, May 20, 2022

වැලිසර අනතුර: පුද්ගලයෙකුට මරු කැඳවූ සිසුවා සහ පියා රිමාන්ඩ්

- Advertisement -

වැලිසර දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සිසුවා විසින් පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දරුවා හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...