30.2 C
Colombo
Friday, April 26, 2024

රට වසා දැමූ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක්

- Advertisement -

මෙවර රට වසා දැමූ කාල සීමාවේ සහ මීට පෙර රව වසා දමා තිබූ කාලය තුළ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක් සිදුවී ඇති බව වාර්තා වනවා.

සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මැයි හා ජුනි මස රට වසා දමා තිබියදී රුපියල් බිලියන 15 ක ආදායමක් එම දෙපාර්තමේන්තුවට අහිමිව ගිය බවත් මේ වන විටද තවමත් රට වසා දමා ඇති බැවින් ඊට සමාන ආදායම් අහිමිවීමක් වාර්තා වන බවයි.

කෙසේ වෙතත් මීට පෙර රට වසා දමා තිබියදී Online ක්‍රමයට නිවසටම මත්පැන් බෙදාහැරීමේ ක්‍රමවේදයක් පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවුවද ඊට සෞඛ්‍ය අංශවලින් හා විවිධ ආගමික කණ්ඩායම්වලින් දැඩි විරෝධයක් එල්ලවීම නිසාවෙන් එම ක්‍රමය අත්හැර දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.

නමුත් මේ වන විටත් කළු කඩ මගින් අවිධිමත්ව මත්පැන් අලෙවි කරන අතර එය සාමාන්‍ය මත්පැන් බෝතලයක මිලට වඩා දෙගුණයක් හෝ ඊටත් වැඩි මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මෙමගින් රජයට හිමිවිය යුතු බදු ආදායමද අහිමිවනවා.


RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...