31 C
Colombo
Saturday, July 27, 2024

රනිල්ගේ ගේ ගිනි තැබූ 4 ක් රිමාන්ඩ්

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළා.

එම සැකකරුවන් අතරින් 03 දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

එහෙත් ප්‍රමාණවත් වේලාවක් නොමැතිවීම හේතුවෙන් එම පෙරට්ටුව අද දින පවත්වීමට නොහැකි බැවින් එය ලබන 27 වනදා දක්වා කල්තැබුණා.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට තිළිණ ගමගේ මහතා නියෝග කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවත් ඔවුන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පෙන්වා දුන්නා.

විත්තියේ නීතිඥවරුන් මතු කළ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සඳහන් කළේ එම සිද්ධිය සඳහා ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින ඉවන් පෙරේරා නමැත්තෙකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවත් ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන හා රූපවාහිනි නාලිකාවලින් දර්ශන ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස තමන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...