26 C
Colombo
Thursday, May 9, 2024

කබ්රාල්ට අල්ලස් නඩුවක්

- Advertisement -

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843 267,595ක පාඩුවක් සිදුකර ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ අදාළ  පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදුකළ බවයි.


RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...