28 C
Colombo
Tuesday, May 21, 2024

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟ තහනමක්

- Advertisement -

ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා නෙට්බෝල් තරඟ සඳහා ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සංගමය විසින් සහභාගීත්වය පිළිබඳ නව ප්‍රතිපත්තිය නිකුත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවා තිබෙනවා.

ලෝක නෙට්බෝල් සංවිධානය පවසා ඇත්තේ, දීර්ඝ උපදේශන ක්‍රියාවලියකින් පසුව අන්තර්ජාතික කාන්තා දැල්පන්දු “ස්ත්‍රී පුරුෂ සමාජභාවයට බලපාන ක්‍රියාකාරකමක්” බව තීරණය කළ බවයි.

සාධාරණත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්තියක් අවශ්‍ය වූ බවත්, ඒ අනුව “ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොසළකා උපතේදී කාන්තාවක් ලෙස සටහන් වූ” ක්‍රීඩිකාවන්ට හෝ ලෝක දැල්පන්දු සංවිධානය වෙත කිසිම අවස්ථාවක ටෙස්ටොස්ටෙරෝන්වල ජීව විද්‍යාත්මක බලපෑම් අත්විඳ නොමැති බව පෙන්නුම් කිරීමට අපොහොසත් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික මට්ටමේ කාන්තා දැල්පන්දු ක්‍රීඩාව තහනම් වනවා.

ලෝක නෙට්බෝල් සංවිධානය පැවසුවේ, ජාතික පාලන ආයතනවලට ඔවුන්ගේ සහභාගීත්ව නීති වෙනත් සාධක මත පදනම් කිරීමට තීරණය කළහොත් මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට හෝ නොයෙදීමට හැකි බවයි.

අනෙකුත් ක්‍රීඩාවල සමාන පියවරයන් අනුගමනය කරන අන්තර්ජාතික ප්‍රතිපත්තිය ලෝක නෙට්බෝල් සංවිධානය විසින් ද වාර්ෂිකව සමාලෝචනය කරනු ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගුරුවරයෙක් කළ පහරදිමෙන් සිසුවියක් රෝහලේ

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමෙන් ඊයේ (20) ද පුලස්තිගම රෝහලට ඇතුළත් කර...

අලි සබ්රි ඉරානයට

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි...

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05ක් මරුට

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වායූ කන්දුවීමක් අනතුරට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. අනතුරින් පතලේ සිරවී...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...