28 C
Colombo
Tuesday, May 21, 2024

ඉන්දීය මහ මැතිවරණය හෙට

- Advertisement -

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත වන අතර, හෙට මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙන්.

මහ මැතිවරණය, මාස දෙකහමාරක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙනවා.

හෙට එහි පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ලබන අතර, මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බවද වාර්තා වනවා.

මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වන අතර, පොදුවේ භාරතීය ජනතා පක්ෂය ද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 400 කට වඩා වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් වනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර තිබෙනවා.

මෝදි දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදීයි.

එම මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303ක් වන අතර, 1980 වසරේ දී හින්දු ජාතිකවාදී පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය දේශපාලන කරළියට අවතීර්ණ වීමෙන් පසු මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් දිනූ පළමු අවස්ථාව මෙය වනවා.

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දුමින්දට එරෙහි විජයදාසගේ පෙත්සම යළි සලකා බැලීම හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී...

ගුරුවරයෙක් කළ පහරදිමෙන් සිසුවියක් රෝහලේ

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමෙන් ඊයේ (20) ද පුලස්තිගම රෝහලට ඇතුළත් කර...

අලි සබ්රි ඉරානයට

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...