29 C
Colombo
Thursday, May 2, 2024

චීන එන්නත වැඩි මිලට ගන්නෙ නෑ – ඒක විපක්ෂෙ ඉරිසියාවට කියන කතාවක්

- Advertisement -

වැඩි මුදලකට සයිනොෆාම් එන්නත් ආනයනය කරන බවට විපක්‍ෂය නගන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. සයිනොෆාම් එන්නතේ එක් මාත්‍රාවක් සදහා අමෙරිකානු ඩොලර් 5 ක් වැඩියෙන් රජය ගෙවන බවටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කළේ

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියේ එය අසත්‍ය සහ සාවද්‍ය ප්‍රකාශයක් බවයි. විපක්ෂය මෙවැනි චෝදනා නගන්නේ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව හේතුවෙන් බවත් මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්‍යාලයද ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති බවත් ඒ මහතා පවසනවා.

මෙරටට ඩොලර් 15ක මුදලකට එන්නත ලැබුණද චීනය තුල මෙම එන්නතේ මුල ඩොලර් 29ක් පමණ වන බවත් ආජන්ටිනාව ලබාගෙන ඇත්තේ ඩොලර් 40කට බවත් ශ්‍රී ලංකාවටලැබී ඇති මිල අන් සියළුම රටවල් වලට සාපේක්ෂව අඩු බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...