28 C
Colombo
Friday, May 10, 2024

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 28ක් අද වැඩවර්ජනයේ (වීඩියෝ)

- Advertisement -

අද (11) දින පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය,ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය,ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28ක් විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.

කොරෝනා මර්දන වැඩපිළිවෙලේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා නොදීමත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ජා පැවැත්වුවද ේ සම්බන්ධයෙන් ධනාත්මක පිළිතුරක් ලබා දීමට කටයුතු කර නොමැති වීමත් පාදක කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹුණු බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ.

සංචරණ සීමා පනවා තිබෙන මොහොතක සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් හෝ නොමැති බවයි රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ වෛද්‍ය සේවාවේ පමණක් අතිකාල දීමනා වැඩිකර තිබෙන නමුත් සෙසු සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දී නැති බවත් කොරෝනා රෝගීන් සිටින රෝහල්, වාට්ටු තුළ මෙම වැඩ වර්ජනය නොමැති අතර මෙම වර්ජනය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දින ක්‍රියාත්මක නොවන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කල්ල මරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ක්‍රිකට් ආයතනය...

අකුණු සැර වැදී රෝහලක ගින්නක්

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා. අද පස්වරුවේ අකුණු සැර වැදීමෙන් මෙලෙස...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...