26 C
Colombo
Monday, May 27, 2024

මාස්ක්, ෆේස් ශීල්ඩ් සහ මාධ්‍යයේ සමාජ වගකීම

- Advertisement -

කම්මැලිවීරගේ තීරු ලිපි

Face Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද?
කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!”

මේ, මෑතකාලීනව පැතිර යන Face shield එකක් පමණක් පැළඳීමේ රැල්ල පිළිබඳව මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දැක්වූ අදහසයි.

මුව ආවරණයක් පැළඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීම වන අතර යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙළ බිඳිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කළ හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි.

මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කර සිටින්නේ.

මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කළ යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් 100%ක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිහිපත් කර සිටින්නේ.

මුව ආවරණයක් පැළඳ සිටීම එය නොපැළඳ සිටීමට වඩා ඔබට පහසු විය හැකියි. ඒත් එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබගේ සමාජ වගකීමෙන් බැහැරවීමක් මෙන්ම මෙරට ක්‍රියාත්මක වන නීති රෙගුලාසීන්ට පටහැනි ක්‍රියාවක්.

මෙවැනි වසංගත තත්වයකදී වඩාත්ම ආදර්ශමත් විය යුතු මෙරට විද්‍යුත් මාධ්‍ය නාලිකා විශාල සංඛ්‍යාවක් මුව ආවරණයක් නොමැතිව, Face shield එක පමණක් පැළදීම ප්‍රවර්ධනය කරන අයුරු ඔබට අපට පසුගිය දින ගණනාවේදීම නිරීක්ෂණය කිරීමට හැකි වුණා. කලාකරුවන් ගෙන්වා පවත්වන සුහද කතාබහේ සිට රියැලිටි වැඩසටහන් දක්වා පරාසයක් තුළ මෙම මාධ්‍යයේ සමාජීය වගකීමෙන් බැහැරවීම අප නීරීක්ෂණය කළා.

එබැවින් අපට අපගේ සහෝදර මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමට ඇත්තේ යහපත් දෑ සමාජ ගත කරන ලෙසත් මෙවන් විපත් අවස්ථාවකදී ජනතාවට සෞඛ්‍ය රෙගුලාසීන්ගෙන් පිටයෑමට අනුබල දෙන දෑ කිරීමෙන් වළකින ලෙසත් ය. මෙම වසංගතය ජය ගත හැක්කේ අප සියළු දෙනා එක්ව රැකුණහොත් පමණක් බව යළිත් ඔබට සිහිපත් කරමි.

RECENT ARTICLES - SINHALA

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනා

ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා. ඔවුන්...

එකම තැනින් වන අලි සිරුරු හතක් හමුවෙලා

පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත්දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි...

රනිල්ගෙන් ලන්සට බැසිල් හමුවන ලෙසට බලපෑම්

දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු බවට ජනාධිපති...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...