28 C
Colombo
Sunday, May 5, 2024

අපිටත් සාධාරණයක් කරන්න – මරණ දඬුවම ලද සිරකරුවන් උපවාසයේ

- Advertisement -

මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවයි.

තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් රැඳවියන් ආහාර වර්ජනයේ නිරතවී සිටින බව සඳහන්.

ත්‍රස්තවාදී පනත යටතේ සිරගත කර සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙ‍නෙකුට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට අද විශේෂ ජනපති සමාව යටතේ නිදහස ලබාදීමෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳවියන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...