27 C
Colombo
Monday, April 29, 2024

බලධාරීන් නිසා නිලානි රත්නායකගේ ඔලිම්පික් සිහිනය බිඳ වැටෙයි

- Advertisement -

මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ධාවන ශූරිය වන නිලානි රත්නායකගේ මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබද සිහිනය බොදව ගොස් තිබෙනවා.

ඒ, බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්.

ඇය තමන්ට ඔලිම්පික් වරම් අහිමිවුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලිය නියෝජනය කරනු ලබන සියලු දෙනා වෙත සිය සුභාශිංසන පිරිනමා තිබූ අතර කිසිම කීුඩිකයෙක්ට මෙවන් අසාධාරණයක් සිදු නොවන ලෙස ප්‍රාර්ථනා කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නිලානි රත්නායක,

” මුලින්ම සුභ පතනවා ඔලිම්පික් වරමි ලැබු මගෙ රටෙි සිංහයින්ට.ඒක හැමෝගෙම ලොකුම සිහිනය . .. 2021 පටන් ගන්නවාත් එක්ක මම මගේ සිහිනය පස්සෙ දිවිවා ඒ වෙද්දි මම කෝටා රෑන්ක් වල 34 වන තැන හිමි වෙලා තිබූ නිසා.⁣මෙි වසරේ පලමු තේරීම් තරගයට සහභාගි වුනේ ලොකු බලාපොරොත්තුවක් සමග.ඒත් අවාසනාවන්ත විදියට මට මගේ රේස් එක මම හිතපු ටයිමින් වලට දුවන්න බැරි වෙනවා .ඒකට හේතුව මගේ බාධක 5 ම මගේ දුවන පුමානයට වඩා උස්සලා තිබීම නිසා.එතකොට ඔක්කොම 35.එකෙන් මම ලොකු ආබාධයකට ලක් වෙනවා..සති 2ක් විතර කාලයක් කකුලට බහෙත් කරනවා..ඒකෙන් මට පුහුණුවීම් අතරමග නවතිනවා..ඒත් ආපහු මම බොහොම පොඩි කාලයකින් National championship වලට සහභාගි වෙලා 9.53 දුවනවා…

මට එදා මීට වඩා එක තත්පරයක් දුවාගන්න පුළුවන් වුනා නමි මටත් අද ඔලිම්පික් සිහිනය සැබෑකරගන්න තිබුනා .අවුරුද්ද මුල ප්ලෑන් කරලා ලකුණු හදා ගන්න පුළුවන් තරගයක් වත් දුන්නා නමි ..එක්කො මගෙ කඩුළු උස්සලා නොතිබුනානමි ජාත්‍යන්තර තරගයක් ඔීන වෙන්නෙ නෑ.අවුරුදු ගානක මගෙ දහඩිය මහන්සිය මහන්සිය.ගෙදරක් අමතක කරලා ආසාවෙන් ආද⁣රයෙන් හැමදේම කලා …කිසිම කීුඩිකයෙක්ට මෙවන් අසාධාරණයක් සිදු නොවෙිවා…මාව ආදරයෙන් බලා ගත්ත මගෙ යුද හමුදාව ,මගේ පවුල,⁣මගෙ සර්ගෙ පවුල,අනික් සියලු දෙනාටමත් මුහුණු පොත් මම වෙනුවෙන් සුභ පතපු සියලු දෙනාටමත් මම හදවතින් ස්තුති වන්ත වෙනවා.

මම ඔලිම්පික් යනවට ආසාවෙන් බලා සිටි සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා මට ඒක කර ගන්න බැරි වුනා.

මට සමාවෙන්න”

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...