30 C
Colombo
Saturday, May 4, 2024

Zoom වෙනුවට පාසල් දරුවන්ට ඇමති නාමල් දෙනවා කියූ ඇප් එක තවමත් නැහැ

- Advertisement -

පසුගිය ජුනි මස 8 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් ගැටළුවක් ඉදිරිපත් කළා.

ඒ බොහෝ නිවාසවල එක පවුලකට එක ජංගම දුරකතනයක් ඇති පසුබිමක දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙක් සිටින පවුලක දරුවන් හට Zoom යෙදුම (App) හරහා පන්ති පැවැත්වීමේදී අපහසුතාවයට පත්වන බවයි.

එම නිසාවෙන් අදාළ ඔන්ලයින් පන්ති පටිගත කර Youtube හරහා දරුවන්ට පසුව ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙසට මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙම තත්ත්වය පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂම. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හා අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

ඒ අනුව Zoom යෙදුම (App) වෙනුවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය විසින් සකසන ලද නව යෙදුමක් (App) ඇති බවයි.

එය කිසිදු ඩේටා වැයවීමකින් තොරව දරුවන්ට භාවිතා කිරීමේ ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සකසා ඇති බවත් එය තවත් සති කිහිපයකින් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය සිදුකර මේ වන විට මාසයකටත් වැඩි කාලයක් ගතව ඇතත් මේ වන තෙක් ඩේටා ගාස්තු රහිත එම යෙදුම දරුවන්ට ලැබීමට සලස්වා නැති තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඩේටා ගාස්තු සම්බන්දයෙන් වරින් වර අවස්ථා ගණනාවකදී දරුවන්ගෙන් හා දෙමාපියන්ගෙන් මැසිවිලි නැගුනද මේ වන විටත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමට නොමැතිවීමෙන් දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ගුරු සංගම් චෝදනා කරනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...