34 C
Colombo
Friday, May 3, 2024

කාන්තාවන්ට, ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් වැඩිවෙලා – කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්

- Advertisement -

පසුගිය වසරේ මුලදී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ වසංගත කාලය තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහළ ගොස් ඇති බව ළමා හා කාන්තා අයිතිවාසිකම් සංවිධාන ඊයේ (12) ප්‍රකාශ කළා.

කාන්තා දේශපාලන ඇකඩමිය, ලංකාවේ මව්වරුන් සහ දියණියෝ, ශ්‍රම ශක්ති සහ කාන්තා සංවර්ධන භාරය ඇතුළු ළමා හා කාන්තා සංවිධාන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තත්ත්වය හෙළි කළ අතර නව නීති, නිසි නියාමන ආයතන තුළින් තවත් ප්‍රමාද නොකර කාන්තාවන්ට හා ළමයින්ට සාධාරණය ඉටු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

කාන්තා සංවර්ධන භාරයේ සංවිධායක බණ්ඩාර මැණිකේ මහත්මිය මෙහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වසංගත කාලය තුළ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි සයිබර් ලිංගික අපරාධ 300% කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙම කාලය තුළ පොදුවේ කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් 30% කින් ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවාය.

කොවිඩ්-19 වසංගතය සමඟ Zoom ඔස්සේ ඉගැන්වීම් ආරම්භ වීමත් සමඟ පාසල් ළමුන් මාර්ගගත (Online) ලිංගික හිරිහැරවලට ගොදුරු වීම මෙසේ වැඩිවී ඇති බව ඔවුන් මෙහිදී සදහන් කළා.

ගෘහස්ථ හිංසනය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි මෙම සංවිධාන පෙන්වා දී තිබේ.


RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...