32 C
Colombo
Saturday, May 4, 2024

ඇෆ්ගනිස්තාන තානාපති දියණිය පැහැරගෙනයාමේ අර්බුදය තවත් දිග්ගැසෙයි

- Advertisement -

පකිස්තානයේ, ඇෆ්ගනිස්තාන තානාපතිවරයාගේ දියණිය පැහැරගෙන යාම රටවල් දෙක අතර දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී ඇතැයි වාර්තා වේ.

මීට හේතුවී ඇත්තේ අදාළ පැහැරගෙනයාමේ සිදුවීම අසත්‍යයක් ලෙසට බැහැර කිරීමට පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පියවර ගැනීමත් සමගයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව පකිස්තාන විදේශ අමාත්‍ය ෂා කුරේෂි ඇමතූ ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් හනීෆ් අදාළ ප්‍රකාශය නොපැසුණු සහ වෘත්තීමය නොවන එකක් බවට චෝදනා නගා තිබේ.

මීට සමගාමීව ඇෆ්ගනිස්තානය, පකිස්තානයේ සිටින සිය තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඉවත් කර ගැනීමට ද පියවර ගනු ලැබිණ.

කෙසේවෙතත් මේ වනවිට පකිස්තාන විදේශ අමාත්‍ය ෂා කුරේෂි තත්ත්වය සමනය කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර ඔහු ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යවරයාට අවධාරණය කර ඇත්තේ මේ පිළිබදව කඩිනමින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පකිස්තානයේ ඇෆ්ගනිස්තාන තානාපතිවරයාගේ දියණිය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පැහැරගෙනයාමකට ලක්වුණු අතර පසුව ඇය මුදා හැරුණත් පැහැරගෙනයාමට සම්බන්ධ පිරිස් ඇයට වධහිංසා පමුණුවා තිබිණ.


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...