26 C
Colombo
Monday, April 29, 2024

කොරෝනා තත්ත්වය උත්සන්නවීම නිසා රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක්

- Advertisement -

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම නිසාවෙන් මේවන විට රෝහල් ගණනාවක කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටු පිරී ගොස් ඇතිබව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව ඇතැම් රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක් මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කෙරුණා.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තාවී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි.

කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල පහසුකම් වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්‍රිගෝ මහතා පවසනවා..

රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ රෝහලේ පවතින කෝවිඩ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඩ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බවයි.

මෙම හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, රත්නපුර දිස්ත‍්‍රික් කොවිඩ් කමිටුවටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ලිඛිතව දන්වා යවා තිබෙනවා.

එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බවත් ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බවත් වෛද්‍ය අනෝජ් රොද්‍රිගෝ මහතා සදහන් කරනවා.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ලම කල්දමා ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දමා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...