33 C
Colombo
Tuesday, April 30, 2024

විනිසුරුවරුන් සඳහා පවත්වන ලද වෙබ් සම්මන්ත්‍රණයක් ගැන පැමිණිල්ලක්

- Advertisement -

මහේස්ත්‍රාත්වරුන් සඳහා පවත්වන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයක් මගින් යුක්තිය පසිඳලීමේ කාර්යයට යම් බලපෑමක් සිදු වී තිබේ නම්, වහාම එය නිවැරදි කිරීමට වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

එම සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ සහ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් ඊයේ (16) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක මේ බව සඳහන් කර ඇත. ‘කොවිඩ් 19 අධි-වසංගත සන්දර්භය තුළ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධ කාරණා මැයෙන් අධිකරණ නිලධාරීන් සඳහා පවත්වන ලද වෙබ් සම්මන්ත්‍රණයක් / රැස්වීමක් සම්බන්ධව වාර්තා වන කරුණු සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමු කර ඇති මේ ලිපිය මගින් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ රැස්වීම පවත්වනු ලැබුවේ යම්-යම් නියෝග නිශ්චිත ආකාරයකින් ලබාදීම සඳහා විනිසුරුවරුන් පෙළඹවීම සඳහා යැයි අධිකරණ නිලධාරීන් තුළ හෝ ජනතාව තුළ අදහසක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවයි. එසේ අධිකරණ නිලධාරීන් විසින් ස්වාධීනව තීරණ ගැනීමට යම් බලපෑමක් එල්ල වී ඇති බවට අදහසක් ඇති වීම බරපතළ කාරණයක් බව ද එමගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය මගින් පසුගිය 13දා මේ සම්මන්ත්‍රණය පවත්වන බවට විනිසුරුවරුන්ට ලිඛිත ව දැනුම් දී තිබුණේ අගෝස්තු 09 දා ය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.සංජීව සෝමරත්නගේ අත්සනින් එම ලිපිය යොමු කර තිබූ අතර, විනිසුරුවරුන්ගේ උසස්වීම්, වාර්ෂික වැටුප් වර්ධක, විදේශ පුහුණු සහ මහාධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේදී මේ සම්මන්ත්‍රණයට සහභාගි නොවීම පිළිබඳව විශේෂයෙන් සලකා බලනු ඇති බව ද අදාළ ලිපියේ සඳහන් විය. මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් කතාබහක් ඇති වූ අතර, පසුගිය කාලයේදී උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන ලෙස පොලිසිය පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම්වලදී විනිසුරුවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙමගින් සමාජයේ අවධානය යොමු විය.

RECENT ARTICLES - SINHALA

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...