29 C
Colombo
Sunday, May 5, 2024

මම ඉරාජ්ට ගැහුවෙ නෑ – යෝෂිත රාජපක්ෂ

- Advertisement -

ජනප්‍රිය කලාකරුවෙකු වන ඉරාජ් වීරරත්න විසින් ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධව පැතිර යන කටකතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයා සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

යෝෂිත විසින් ඉරාජ් වීරරත්නට පහර දුන් බවත් ඒ හේතුවෙන් ඉරාජ්ට ඉල්ලා අස්වීමට සිදු වූ බවත් පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගිය අතර ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් යෝෂිත පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකථා අසත්‍ය බවයි.

මෙම කටකථා පදනම් විරහිත බව සඳහන් කළ යෝෂිත රාජපක්ෂ, ඉරාජ් වීරරත්න සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පැවසූ අතර, ඔහු ඔහුව හමු වූයේ යම් දිනෙක උත්සවයකදී පමණක් බවත් පැවසීය.

ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වන බව ඉරාජ් වීරරත්න ඊයේ නිවේදනය කළේය. ඉරාජ් වීරරත්න මහතාව 2020 අගෝස්තු 18 දින සිට වසර 3 ක කාලයක් සඳහා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

ක්‍රීඩා සහ තරුණ ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ වැළැක්විය නොහැකි කරුණක් හේතුවෙන් තම තනතුරෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බවයි.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...