25 C
Colombo
Sunday, May 19, 2024

රුසියානු සංචාරකයන්ට ලිහිල් සෞඛ්‍ය නීතී..! – සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක්

- Advertisement -

මෙරටට පැමිණීමට නියමිත සංචාරකයන්ගේ පහසුව තකා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර ඇත.

එම අධිකාරියේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු විසින් ඊයේ (07) පැවති සාකච්ඡාවකදී සාකච්ඡා කළ පරිදි දේශීය සංචාරක කර්මාන්තයට සංචාරක ව්‍යාපාරයේ “අපේක්ෂිත” ප්රතිඵලය ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කරන ලෙස සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතාගෙන් නිල වශයෙන් ලිපියකින් ඉල්ලා සිටියේය.

(1) පූර්ණ එන්නත්කරණය කර ඇති ගුවන් සේවකයින් සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් (PPE ) ඇඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම
(2) පූර්ණ එන්නත්කරණය කර ඇති සංචාරකයින් සඳහා ගොඩ වීමට පැය 72 කට පෙර PCR අවශ්‍යතාවය ඉවත් කිරීම
(3) යුරෝපා සංගම් රෙගුලාසි වලට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා පීසීආර් අවශ්‍යතාවය ඉවත් කිරීම
(4) සංචාරක මාර්ගයේ දී සහ ගුවන් තොටුපලේදී පූර්ණ ලෙස එන්නත් කර ඇති මගීන් සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණයකට ඉඩ දීම, එම ඉල්ලීම් අතර වේ.

රුසියාවේ ජනගහනය මිලියන 144 කට වැඩි බවත් එහි මුළු ජනගහනයෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා දී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූලාශ්‍ර වෙළඳපොලක් බවත් අධිකාරිය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට රුසියාවේ සිටිති.


RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...