34 C
Colombo
Wednesday, May 8, 2024

අලි නියෝගයට එරෙහිව නඩු

- Advertisement -

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු පිරිසකට එරෙහිව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නියෝගය බල රහිත කරන ලෙසයි එහිදී එම සංවිධානය දන්වා සිටින්නේ.

ලියාපදිංචි නොකළ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව චෝදනා එල්ල වී තිබියදී නව නීතියක් හරහා එහි පැරණි හිමිකරුවන්ටම ‘නඩු භාණ්ඩවල’ භාරකාරත්වය යළි ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටි අලි පැටවුන් 14 දෙනෙක් මාස 03 ක් ඇතුලත ලියා පදිංචි කිරීමේ කොන්දේසිය මත මුදාහැරීම පරිසරවේදීන් ඇතුලුව පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ විමතියට හේතු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

මන්නා රමේෂ්ගේ නිවසට පොලීසියෙන් පනියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක්...

ඩයනාගේ මන්ත්‍රී පුටුවට අස්වෙලා ගිය කෙනෙක්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ...

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...