32 C
Colombo
Thursday, May 2, 2024

ගෝඨාභය – මෛත්‍රී ඝාතන සැලසුම පිළිබඳ විමර්ශන අවසන්

- Advertisement -

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඝාතන කුමන්ත්‍රණයක් සිදුවූ බවට නාමල් කුමාර නැමැත්තෙක් සිදුකළ පැමිණිල්ලට අදාලව විමර්ශන අවසන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

විමර්ශන අවසානයේදී ඊට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නොමැති බවට තහවුරු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ

සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සභාව කල් තබන අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

අදාල පැමිණිල්ල 2018 සැප්තැම්බර් 15 වැනි දින කරන ලද බවත් ඊට අදාලව විමර්ශන කටයුතු අවසන් කර 2019 සැප්තැම්බර් 09 වැනි දින එම ගොනු නීතිපති උපදෙස් පතා යොමු කළ බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

එලෙස අධිකරණය හමුවේ එතෙක් තිබූ මීට අදාල උදෘත ගොනු ලබා ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ෂන ඒකකය මගින් මෙම ඝාතන කුමන්ත්‍රනයට අදාලව මූලික විමර්ෂනයක් සිදු කරමින් පවතින බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...