27.9 C
Colombo
Sunday, April 28, 2024

බස්රථ දෙකක රැඳවියන්… ඥාතීන් මාර්ගය අවහිර කරයි

- Advertisement -

බස් රථ දෙකක පිරවු මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉන්පිටතට ගෙනයෑමට උත්සහ කරන අවස්ථාවේදී එම රැඳවියන්ගේ ඥාතීන් මාර්ගය අවහිර කරමින් තම පවුලේ සාමාජිකයන්ව රැගෙන යන්නේ කොහේදැයි විමසමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද හමුදාව යැයි සදහන් කළ බස් රථ දෙකක අදාල රැඳවියන්ව අසුන්ගන්වා මහර බන්ධාගාරයෙන් පිටතට ගෙන යෑමට තැත් කරද්දී මේ ආකාරයෙන් එම බස් රථ අවහිර කර ඇත.

මානව හිමිකම් කොමිසම මහරට… ඥාතීහු මානව හිමිකම් කොමිසම ඉදිරියේ හඬා වැටෙති

4.50

මහර බන්ධනාගාරයේ නොවැම්බර් 29 වන දින රාත්‍රියේ සිදු වු නොසන්සුන්තාව නීරීක්ෂණය කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එම බන්ධනාගාරය වෙත ගොස් ඇත.

බන්ධනාගාරය තුළ සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් එම බන්ධගාරයෙන් පිටත් වන අවස්ථාවේදී බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම වාහනය නවත්වා හඩා වැටුණු බවත් තමන්ගේ ඥාතීන්ට සිදුව ඇත්තේ කුමක්දැයි පවසන ලෙස මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ හඬා වැටි ඇත.

එම අවස්ථාවේ කොමිසන් සභාවේ නිලධාරීන් රැඳවියන්ගේ ඥාතීන් වෙත පවසා ඇත්තේ බරපතල තුවාල ලැබූ රැඳවියන් සියළු දෙනාවම රාගම රෝහල වෙත ප්‍රතිකාර සදහා බන්ධාතාරයෙන් යවා ඇති බවත් මේ වන විට බන්ධනාගාරය තුළ සිටින බරපතල නොවන තුවාල ලැබූ රැඳවියන්වද ප්‍රතිකාර සදහා රෝහල් කරා යවන ලෙස නිර්දේශ කර ඇති බවය.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...