29.3 C
Colombo
Tuesday, April 30, 2024

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන කරපු පරීක්ෂණේ පිළිබදව මම සෑහීමකට පත්වෙන්නෙ නැහැ – මහින්දානන්ද

- Advertisement -

2011 ලෝක කුසලාන තරගයේ පාවා දීමක් සිදුවූ බවට තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණය පිළිබඳව තමන් සෑහිමට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමක් සිදුවූ බවට සිදුකළ ප්‍රකාශයට අදාලව නිසි සාක්ෂි නොමැති බව පවසමින් එම පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබීම සම්බන්ධයෙන් මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් අද (05) දින පාර්ලිමේන්තුවේදී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ඩි.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග සහ කණ්ඩායමේ කළමනාකරු සුරාජ් දන්දෙණිය ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොකළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, තමා සංගක්කාර, මහේල, අරවින්ද මහත්වරුන්ව ගෙනවිත් ප්‍රශ්න කරන්නැයි ප්‍රකාශ නොකළ බවත් තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ බවට ප්‍රකාශ නොකළ බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මොකද මේ ගැන අහන්න ඕන අය ඒ අයයි. එහෙම නැතුව ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම කොතනකවත් කිව්වේ නැහැ. ඔය ගැන කිව්වා කියලා ගිය මහ මැතිවරණයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට ආවේ. මොකද මට විරුද්ධව කැම්පේන් එකක් ගියා මේ ගැන කතා කළා කියලා මට ජන්දය දෙන්න එපා කියලා.

අනිත් කරුණ තමයි මම අදටත් ඔය මැච් ෆික්සින් කියන එක වෙනවා.”

RECENT ARTICLES - SINHALA

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

මැණික්හින්න රෝහලේ ගැටුමට 6 දෙනෙක් අත්අඩංගුවට

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...