29.3 C
Colombo
Tuesday, April 30, 2024

දරුවන් පෙන්වා සිඟමන තහනම්..!

- Advertisement -

දරුවන් භාවිතා කරමින් දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබද මාර්ග තදබදයන්හිදී කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඒ, ‘සියල්ලටම පෙර දරුවන්’ 2021 ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදී (5) පවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින්.

වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් පොලිසියේද සහය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එහිදී ඒ මහතා පවසා සිටියා.

ලෝක ළමා දින වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස පැවති මෙම උත්සවයේදී ළමා අපයෝජනය පිළිබඳව ජාතික දත්ත පද්ධතියක් එළිදැක්වීම, NCPA website (mobile friendly) ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව තාක්ෂණික ක්‍රමවේද වලට අනුව සකස් කරන ලද වෙබ් අඩවිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් එළි දැක්වීමත් සිදුවිය.

බාහිරෙන් හඳුනාගත නොහැකි ආබාධ සහිත ළමයින් හදුනා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශන ග්‍රන්ථය එළි දැක්වීම, Child fund and the Payment gateway, සාර පැය – සිද්ධි අධ්‍යයන සංග්‍රහය මාර්ගෝපදේශන මාලාව එළිදැක්වීම, සාර පැය – සිද්ධි අධ්‍යයන මනෝ සමාජයීය මාර්ගගත සහතික පත්‍ර වැඩසටහන එළිදැක්වීම හා ළමා ආරක්ෂාව පිළිබඳව වීඩියෝ ක්‍රීඩා එළි දැක්වීම, යන ආදී වැඩසටහන් රැසක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පරිශ්‍රයේදී නිරෝධායන නීති වලට අනුකූලව මෙම කටයුතු සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ-කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති කල්තැබිමේ විවාදයේදී පළවු අදහස් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර...

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...