29 C
Colombo
Thursday, May 2, 2024

යළිත් වාහන ආනයනය කිරීම ගැන රජයට යෝජනාවලියක් – ශ්‍රී ලංකා මහබැංකුව

- Advertisement -

මේ වන විට නවතා දමා ඇති වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කල හැකි ආකාරය පිළිබදව කරුණු ඇතුළත් සංදේශයක් කෙටි කලක් තුළ රජයට භාර දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ වාහන ආනයන නැවත ආරම්භ කිරීම පිළිබඳව යෝජනා කිහිපයක් මෙමගින් රජයට ඉදිරිපත් කර ඇති බවයි.

තමන්ගේම විදේශ විනිමය ඉපැයීම්, විශේෂයෙන් විදේශයන්හි රැකියාවල නියුක්ත වූවන් විසින් උපය මුදල්වලින් ගෙවීම් භාවිතා කරමින් වාහන ආනයනය කිරීම් සදහා වන යෝජනා මේ සදහා ඉදිරිපත් කර ඇති බවයි කබ්රාල් මහතා පවසන්නේ.‍

මෙම කරුණු අනුව කටයුතු කළහොත් මෙරටට විදේශ විනිමය ගලා ඒම, රජයට ආදායම් එකතු කිරීම මෙන්ම වාහන වෙළඳපොලේ සෞඛ්‍ය සම්පන්න නොවන බුබුලක් මතු වීම වැලැක්වීම වැනි කරුණු ඉටුකර ගත හැකි බවයි කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ.

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ හිඟ විදේශ විනිමය සංචිත සංරක්‍ෂා කිරීමේ පියවරක් ලෙස වසර එකහමාරකට වැඩි කාලයක් පුරා වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් රජය සදහන් කරන්නේ වාහන තදබදය අවම කිරීම, වාහන සංඛ්‍යාව අඩු කිරීම, පරිසර දූෂණය සහ ඉන්ධන ආනයනය කිරීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...