33 C
Colombo
Friday, May 3, 2024

පස් ගැන කියන්න ගිය පාදෙණිය කටේ පස් හිරකර ගනියි

- Advertisement -

ආසනික් වැනි බැරලෝහ පස මතුපිට වැඩි සාන්ද්‍රණයක් පෙන්වන්නේ පසට පිටතින් එක්කිරීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඒ, රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්.

යකඩ වැනි ලෝක පස තුල වැඩි සාන්ද්‍රණයක් සහ මතුපිට අඩු සාන්ද්‍රණයක් පැවතීමෙන් පෙනීයන්නේ එම ලෝක පසේ සිට මතුපිටට ගම කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් ආසනික් වැනි ලෝක පස මතුපිටට පිටතින් එක්කර ඇති බව නිගමනය කළ හැකි බව ඔහු පවසනවා.

කෙසේ නමුත් ඉන් පසුව අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පාංශුවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳව මහාචාර්‍ය සමන් ධර්මකීර්ති මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පංශු ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය වර්ශි දන්දෙණිය මහත්මිය පෙන්වා දුන්නේ පස සකස් වන්නේ පිටත සිට ඇතුලට විනා වෛද්‍ය පාදෙණිය මහතා පවසන ලෙසට ඇතුලත සිට පිටතට නොවන බවයි. තමන් නිසි ආකාරයෙන් නොදන්නා විශයකාරණා පිළිබඳව කතා කිරීමීදී සැලකිලිමත් වන ලෙසත් එහිදී ඔවුන් පාදෙණිය මහතාට දැනුම් දී සිටියා.

පාදෙණිය මහතා මීට ස්වල්ප දිනකට පෙරද මෙවැනිම නිර්වද්‍ය නොවන කාරණයක් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබුණා. එහිදී ඔහු පවසා තිබුණේ හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව 95ක්ව තිබූ බවත් එය 45 දක්වා පහත දැමීමට ක්‍රමවේදයන් 3ක් භාවිතා කර ඇති බවත් පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම ඉන් එක් උපක්‍රමයක් බවත් ය.

අනුරුද්ධ පාදෙණිය මහතා එසේ පැවසුවද 1960 – 2019 ලෝක බැංකු වාර්තා වලට අනුව හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව දක්වන්නේ වර්ධනයක්.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද වත්මන් පොහොර අර්බුදයේ නිර්මාතෘවරයෙකු ලෙසට වද්‍ය පාදෙණියව නම්කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...