31 C
Colombo
Saturday, May 4, 2024

මෙවර අයවැය ගැන ලබාදුන් ඉඟි

- Advertisement -

සාම්ප්‍රදායික අයවැයකින් එහා ගිය අයවැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇති බවට තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

ශ්‍රී ලංකාව තුල ආදායම් උත්පාදනයට දායක වන භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවීමට හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවත් රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

දිගින් දිගට ම අයවැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන බැවින් මෙවර අයවැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කර සිටියා.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...