33 C
Colombo
Saturday, May 4, 2024

ගුරු ඉල්ලීම්වලින් 1/3 ක් ලැබෙයි. වෘත්තීය සංගම් දෙකක් ගැටෙයි (වීඩියෝ)

- Advertisement -

ගුරු වැටුප් විෂමතාවලින් තුනෙන් එකක් එකවර ගෙවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ගුරු වෘත්තීය සංගම් පවසනවා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (10) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒඅනුව එළැඹෙන අයවැයේදී අදාළ ගුරු වැටුප ලබාදීමට මුදල් අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදී ගුරු සංගම් දෙකක් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කළේ මහින්ද ජයසිංහ මහතා ප්‍රධාන ලේකම් ධූරය දරන ලංකා ගුරු සේවා සංගමය ගුරු වර්ජනය පාවා දුන් බවයි.

ඊට පිළිතුරු දීමට යාමේදී ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...