28 C
Colombo
Friday, May 3, 2024

අමාරුම අයට සහන මල්ලක් දෙන්නම්

- Advertisement -

ආර්ථික වශයෙන් ඉතාම දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට යෝජන කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා ඊයේ (13) පැවති මාධ්‍ය හමුව අමතමින්.

ඒ පිළිබඳව මේ වන විට වෙළඳ අමාත්‍යංශයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

එහි දී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ ඉන් 50% දේශීය සහ ග්‍රාමීය ද්‍රව්‍ය වෙනුවෙන් වැය කළ යුතු බවට වන කොන්දේසිය පමණක් බවයි ඔහු පවසන්නේ.

“අපි ඉතාම අමාරුම අයට සහන මල්ලක් දීම සඳහා මේ වනවිට වෙළෙඳ අමාත්‍යාංශයට ඒ උපදෙස් දීලා තියෙනවා. අපි දාන එකම කොන්දේසිය 50%ක් සහන කූපන් එකෙන් දේශීය ද්‍රව්‍යවලට, ගමේ ද්‍රව්‍යවලට වියදම් කිරීමට අවස්ථාව අනිවාර්යය කරන්න බලාපොරොත්තු වෙනවා.”

එමෙන්ම, විදේශ වෙළඳ භාණ්ඩ බද්ද අය කිරීම සඳහා භාණ්ඩ වර්ග කිහිපයක් හඳුනාගෙන ඇති නමුත් ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදුකළහොත් එයින් අයුතු වාසි ලබා ගැනීමට හැකි නිසා ඒ පිළිබඳව හෙළි කිරීමට කල් ගන්නා බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...