29 C
Colombo
Thursday, May 2, 2024

චීන සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරයි

- Advertisement -

භාවිතයට අහිතකර බව හෙළිවූ චීන කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම විසින් ‘ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය’ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

අදාල පොහොර තොගයේ හානිකර අර්වීනියා ඇතුළු බැක්ටීරියා ඇති බව නැවත නැවතත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව විසින් එම පොහොර තොගය ශ්‍රි ලංකාවට ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රතික්ෂේප කිරීම් නොසලකා අදාළ පොහොර තොගය රැගත් නැව මේ වන විටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් වැරදි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තම සමාගමේ කීර්තිනාමයට හානියක් වී ඇති බවද එම සමාගම ඩේලි මිරර් වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

එමෙන්ම, තමන්ට සිදුවු කිර්තිනාම හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලමින් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්. වික්‍රමාරච්චි මහතාවෙත එන්තරවාසියක්ද යොමුකර තිබේ.

කෙසේ නමුත්, චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා අවධාරණය කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...