32 C
Colombo
Sunday, May 5, 2024

කොවිඩ් මර්දන කරලට මෙරට අනුමැතිය

- Advertisement -

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල භාවිතයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා

ඒ, අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

මාර්ක් සමාගම හඳුන්වාදී ඇති ‘මොල්නුපිරවියා’ නැමති මෙම ඖෂධ කරල සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිය යුතු බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුව ඇනවුම් කිරීම වැනි ඉදිරි පියවර ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘Molnupiravir’ ඖෂධය මෙරටට ගෙන්වාගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ මස 05වනදා විමසා සිටියා.

‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවයි එය නිෂ්පාදනය කළ ‘මර්ක්’ සමාගම පෙන්වා දී ඇත්තේ.

සායනික පර්යේෂණවලදී ‘කොවිඩ් 19’ රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට ‘මොල්නුපියවියර්’ ලබා දීම සිදු කළ බවත් අදාල සමාගම පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී, කිසිදු ලාභයක් අපේක්ෂා නොකර ‘මොනුපියර්වියර්’ කරල් දිළිඳු රටවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීම කෙරෙහි ද මේ වනවිටත් ‘මර්ක්’ සමාගමේ අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...