27.8 C
Colombo
Sunday, April 28, 2024

මෛත්‍රිට, රනිල්ට, පූජිතට නඩු

- Advertisement -

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලකරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වරින් වර කල් දැමුණු මෙම පෙත්සම් අද (16) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 15, 16 සහ 17 යන දිනවල සිදුකරන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා සහ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල අයගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබූවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි මෙම පෙත්සම් මගින් චෝදනා එල්ල කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ  

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාතමක බව යුද හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ, මේජර්...

කොරියාවේ පදිංචියට යන කතාව බොරුවක් – මෛත්‍රී

තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු...

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...