26 C
Colombo
Tuesday, April 30, 2024

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ අයවත් මං වගේ රස්තියාදු වුණේ නැහැ – සිරිල් ගාමිණි පියතුමා

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ පුද්ගලයින්වත් තමන් මෙන් රස්තියාදු නොවූ බව ගරු සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

පියතුමන් මේ බව පැවසුවේ ඊයේ (16) දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 8කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට මෙරට වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා (15) මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියතුමන්ගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සනිටුවන් කර ගත්තා.

අනතුරුව ඊයේ දිනයේ යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට පියතුමන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබු අතර පෙරවරු. 9.45 සිට පස්වරු 6.15 පමණ දක්වා පැය 8කට වැඩි කාලයක් අද දිනයේද ප්‍රකාශ සටහන් කර ගැනුනා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආසන්න වශයෙන් පැය 15කට ආසන්න කාලයක් පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දින ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අද දිනයේ තෙවන දිනටත් පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීම සිරිල් ගාමිණි පියතුමන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියතුමන් සඳහන් කළේ තෙවන දිනටත් ගෙන්වීම තුළ තමන්ව අපහසුතාවයට පත් කිරීමට උත්සහා දරන්නාක් මෙන් හැගීමක් මතුවූ බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

එහිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියතුමන් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් ඇති බව ප්‍රකාශ කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව මෙතෙක් කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොකර ඇති වටපිටාවක සහ ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති වාතාවරණයක වින්දිතයන් වන තමන්ව රස්තියාදු කිරීමට මේ ගෙනයන්නාවු ක්‍රියාදාමය පිළිකුලෙන් හෙළා දකින බවයි.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...