28 C
Colombo
Friday, May 3, 2024

Jai Bhim චිත්‍රපටය නිසා සූර්යාගේ නිවසට සන්නද්ධ පොලිස් ආරක්ෂාවක්

- Advertisement -

මේ වන විට ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දී ඇති Jai Bhim චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන සූර්යා හට වන්නියාර් ප්‍රජාවෙන් තර්ජන එල්ල වීම හේතුවෙන් ඔහුගේ නිවසට සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

සූර්යා, ඔහුගේ බිරිද වන ජනප්‍රිය නිළි ජෝතිකා සහ අධ්‍යක්ෂ ටී.ජේ ඥානවේල් මෙන්ම ඇමසන් ප්‍රයිම් වීඩියෝ ආයතනය වෙත ද විරෝධය එල්ල කරමින් වන්නියර් සංගමය නොවැම්බර් 15 වන දා නිකුත් කළ නිවේදනයකින් දැනුම් දී ඇත්තේ චිත්‍රපටයෙන් වන්නියාර් ප්‍රජාවගේ කීර්ති නාමයට කැළලක් එක් කර ඇති බවයි.

ටී නගර් හි පිහිටි සූරියාගේ නිවසට අවි ආයුද සමඟ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු යෙදවීමට පියව ගෙන ඇත්තේ ඒ අනුවයි.

Jai Bhim හි ඇතැම් දර්ශන වන්නියාර් ප්‍රජාවගේ කීර්ති නාමයට හානියක් බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

මේ පිළිබඳ සූර්යා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම ප්‍රසිදිධියේ සමාව ඉල්ලීම ඇතුළුව රුපියල් කෝටි පහක වන්දියක් වන්නියාර් ප්‍රජාව වෙත ගෙවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වුණා.

එම නිවේදනයෙන් පසු වන්නියාර් සංගමයේ සාමාජිකයන් සූර්යා හට විවෘත තර්ජන ද එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ටී.ජේ ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Jai Bhim සූරියා සහ ජෝතිකාගේ 2D Productions විසින් නිෂ්පාදනය කෙරුණා.

එම චිත්‍රපටයෙන් එරට ඇති කුළ භේදය දැඩිව විවේචනය කර ඇති අතර ඉන්දියානු පොලීසිය විසින් සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබදවද සාකච්ඡා කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...